Posts

Showing posts from August, 2014

අර්ධ ස්වර Arda swara(semi vowels)

ටික දවසකට පස්සෙ ඔන්න අපි අද ආවෙ අලුත් පාඩමකුත් අරගෙනමයි.අද අපේ පාඩම "අර්ධ ස්වර".හරි මොනවද මේ "අර්ධ ස්වර" කියල මුලින්ම අපි බලමු. අර්ධ=භාගය ස්වර=තනිව උච්චාරනය කල හැකි අක්‍ෂර.(ස්වර අක්‍ෂර වලට ප්‍රාණාක්‍ෂර,පණකුරු ලෙසද හඳුන්වයි) මේ අනුව අර්ධ ස්වර යනු සරලව දැක්වුවහොත් අර්ධ ලෙස ස්වර ලක්‍ෂණ පිහිටි ව්‍යංජන අක්‍ෂර ලෙස දැක්විය හැකිය. සිංහල භාෂාවෙහි අපට දැකගත හැකි අර්ධ ස්වර ප්‍රමානය 2කි.එනම්                                  ස්වර                            අර්ධ ස්වර                                                                        ඉ                                      ය්(ය)                                                                        උ                                      ව්(ව)            හරි දැන් අපි දන්නව අර්ධ ස්වර කියන්නෙ මොනවද කියල.දැන් අපි මෙම අර්ධ ස්වර වල කාර්යය මොනවද කියා සොයාබලමු. නාම පදයක් තනා ගන්නා විට නාම ප්‍රකෘතියකට පසුව නාම ප්‍රත්‍යක් එක් කර ගැනීමේදී ප්‍රකෘතියත් ප්‍රත්‍යත් අතරට ආගම විය හැක්කේ අර්ධ ස්වරයකට පමනි.දැන් ප්‍රශ්න ගොඩක් කියල

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

හරි ඔන්න අදත් තව අලුත් පාඩමකින් ඔයාලව හම්බ වෙන්න ආව.මේ සිංහල පාඩම් පෙළගැසෙන්නෙ ගොඩක් දුරට උසස් පෙළ අරමුනු කරගෙන.නමුත් මෙම පාඩම් අනෙකුත් වසර වල ඉගන ගන්නා දරුවන්ට ද ප්‍රයෝජනවත් වන බවයි මගේ විශ්වාසය.හරි අපි පාඩමට එමු.අද අපි කතා කරන්නේ සරල ස්වර හා සංයුක්ත ස්වර පිලිබඳවයි. සරල ස්වර,        සරල ස්වර යනු තනි ස්වරයකින් සැදුම් ලත් ස්වරයි .සිංහල භාෂව තුල සරල ස්වර 03ක් දැක ගත හැකිය.                                                                       අ      ඉ       උ  සංයුක්ත ස්වර, සිංහලයේ සංයුක්ත ස්වර යනු තනි ස්වරයකින් සැදුම් නොලත් ස්වරයි .සිංහල භාෂව තුල සංයුක්ත ස්වර ද 03ක් දැකගත හැක.මෙම සංයුක්ත ස්වර නිර්මානය වන්නේ සරල ස්වර වලට පූර්වයෙන් "අ" ස්වරය එකතු වීමෙනි.                                       ස්වර එකතු වීම            සංයුක්ත ස්වර                                          අ+අ                               ආ                                           අ+ඉ                              එෙ                                           අ+උ                              ඔෳ             

අව්‍ය පද awya padha

මීට පළමුවෙන් මම සිංහල හෝඩිය හා අනම්‍යකරණය යන පාඩම් ගැන අවබෝධයක් ඔබට ලබා දුන්න.දැන් එ් ගැන හොද අවබෝධයක් මෙන්ම දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි. අද අප අධ්‍යනය කරනු ලබන්නේ අව්‍ය පද පිළිබඳවය.අව්‍ය පද මොනවද මේ අව්‍ය පද?????????????  අව්‍ය පද යනු,            භාෂාවේ පවතින ඇතැම් පද ලිංග,විභක්ති,වචන,කල,පුරුෂ යන බෙදීම් හේතුවෙන් වෙනස් වීමකට ලක් නොවේ.එවැනි පද අව්‍ය පද ලෙස හදුන්වනු ලැබේ.   සිංහල භෂාව තුළ අව්‍ය පද විශේෂ 02ක් දැකගත හැකිය.                                               01.නිපාත                                               02.උපසර්ග  01.නිපාත,         සිංහල භාෂාව තුළ නිපාත පද රාශියක් දැකගත හැකි නමුත් එ්වායේ අර්ථ වෙන වෙනම ඳැක්විය නොහැක.මන්ද නිපාත මඟින් පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොකරන බැවිනි.නමුත් අධ්‍යනය කිරීමේ පහසුව තකා පහත ආකාරයට වර්ග කළ හැකිය.  *කාළය අඟවන නිපාත, අද,හෙට,ඊයේ,යළි,නැවත,පැසුලු(පසුව),ඉක්බිති,ඉනික්බිති,අනතුරු,නිති,තව,නිරන්තර  *පිණිස යන අර්ථය ඇති නිපාත,      පිණිස-රජ්‍ය සේවය පිණිසයි.      සඳහා-ඉගනගැනීම සඳහා එන්න.      වස්-නුඹ දකිනු වස් මම පැමිනෙමි.      තකා-දි

අනම්‍යකරණය anmyakaranaya

පහත දක්වන්නට යෙදුනු නම්‍ය සහ අනම්‍ය ස්වර පද නිර්මානය කිරීමෙහි ලා සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.එනම් නම්‍ය ස්වරයකින් ආරම්ඟ වන පදයක් ඇසුරු කරගෙන ප්‍රත්‍ය ගැන්වීමක් සිදු කරන විට එම නම්‍ය ස්වරය අනම්‍ය ස්වරයක් බවට පත්වේ.සිංහල ඟාෂාව තුළ අනම්‍යකරණය සිදුවන අවස්ථා කිපයක් හදුනාගත හැකිය.   *නාම පද විඟක්ති ගැන්වීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                                                  අ-ඇ = දහම්+එන් =දැහැමෙන්                                   බව්+හි     =බැව්හි                      උ-ඉ = මුව+එන් =මියෙන්                                 මුව+එහි =මුවෙහි                      ඔ-එ = ලොව+හි =ලෙව්හි                                 ලොව+ඉන් =ලෙවින්   *කෘදන්ත පද සදනයේදී අනම්‍යකරණය සිදුවේ.                     අ-ඇ =නට+උම් =නැටුම්                     උ-ඉ =පුද+ඉලි =පිදිලි                     ඔ-එ =ගොරව+ඉලි =ගෙරවිලි   *නිරුත්සාහක ක්‍රිය පද තන ගැනීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                            

පූර්ව ස්වර හා අපර ස්වර sinhala padam 02

පූර්ව ස්වර හා අපර ස්වර  උච්චාරන ස්ථානය අනුව ස්වර අක්‍ෂර වල ප්‍රබේධ 2ක් දැකගත හැකිය.එනම් පූර්ව ස්වර හා අපර ස්වර වශයෙනි.ඇතැම් ස්වර මුඛයේ ඉදිරි පෙදෙස ඇසුරු කරගෙන උපදින අතර ඇතැම් ස්වර මුඛයේ අපර කොටස ඇසුරු කරගෙන උපදියි.මෙම ස්වබාවය අනුව ස්වර අක්‍ෂර මෙලෙස ද්වී ආකාරයට බෙදා දක්වනු ලැබේ.  පූර්ව ස්වර(අනම්‍ය ස්වර)                      අනම්‍ය ස්වර යනු මුඛයේ ඉදිරි කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය ,කුමාරතුංග මුනිදාස මහතා මෙම අක්‍ෂර අනම්‍ය ස්වර ලෙස හදුන්වනු ලබයි.                                                  ඇ        ඉ         එ   අපර ස්වර(නම්‍ය ස්වර)                            නම්‍ය ස්වර යනු මුඛයේ අපර කොටස හෙවත් පසු කොටස ඇසුරු කරගෙන උපදිනු ලබන අක්‍ෂරයන්ය .කුමාරතුන්ග මුනිදාස මහතා මෙම අක්‍ෂර නම්‍ය ස්වර ලෙස හදුනුවන්නට යෙදුනි.                                                   අ        උ        ඔ

ජාත්‍යන්තර සිංහල හෝඩිය 05. jathyanthara sinhala hodiya

Image
05. ජාත්‍යන්තර සිංහල හෝඩිය                                    ජාත්‍යන්තර ප්‍රමිති ආයතනය විසින් ක්‍රි.ව. 2000 දී සම්මත කරන ලද අක්‍ෂර මාලාව මෙනමින් හදුන්වයි.මෙම අක්‍ෂර මාලාවේ මූලික අක්‍ෂර 61ක් සහ පිලි 19ක් දක්වා ඇත.එනම් මේ හෝඩියට අලුතින් එකතු කරගෙන ඇත්තේ එක අක්‍ෂරයක් පමනි.එනම් 'ඥ' අක්‍ෂරයයි. Add caption  මේ අනුව ඔබට සිංහල හෝඩින් පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකි වනු ඇත.