කවි සංකල්පනා kawi sankalpana
කටු අත්තක පිපුනු මලකි ඔබේ පෙම
- බොලිච
ස්තූතියි ඔබ සැමට
මගේ පුතුගෙ
මළගමට ආවට
මල් වඩම් එව්වාට
ශෝක කවි කිව්වාට
දුක හිතෙන විදිහට
ගුණ වැයුම් කළාට
අනිත්‍ය ප්‍රතිසංයුක්ත
බණ දහම් දෙසුවාට
ස්තූතියි ඔබ සැමට
එ් සියල්ලට වඩා
මගේ පුතු
වෙඩි තබා මැරුවාට....
-රත්න ශ්‍රී විජේසිංහ
ආදරෙන් ඔබ ලඟට වී ඉන්නට පැතුම් පැතු
මා
අද
මගේ
හිත
ලඟ
-බොලිච
- බොලිච
අවමංගල ස්තූතිය
ස්තූතියි ඔබ සැමට
මගේ පුතුගෙ
මළගමට ආවට
මල් වඩම් එව්වාට
ශෝක කවි කිව්වාට
දුක හිතෙන විදිහට
ගුණ වැයුම් කළාට
අනිත්‍ය ප්‍රතිසංයුක්ත
බණ දහම් දෙසුවාට
ස්තූතියි ඔබ සැමට
එ් සියල්ලට වඩා
මගේ පුතු
වෙඩි තබා මැරුවාට....
-රත්න ශ්‍රී විජේසිංහ
..... මතක වස්තුව.....
මා හැර දා
දරදඩු කොට දා මා අත් පා
ඈ යන්න ගියා මැකිලා
ඈ යන්න ගියා
සැමරුම් වග වලසුන් රැනට
මා ගොදුරක් වී
ලේ ගලනා ගොදුරක් වී
කාලයෙ ගන අඳුරින් වැසුනත්
සෙලවෙන හදවත පහනෙහි සිලුවෙන්
ඈ ගත දිලිසෙයි
දෑසට දිස්වෙයි
ගොරහැඩි ගල් ගෙඩි අතරින්
ඈ
සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී
පිරිසිදු අහසෙහි පැහැය ඇගෙයි
ගස් වල මල් වල පැහැය ඇගෙයි
මුලු ලෝකෙම හැම පැහැය ඇගෙයි
කොතෙකුත් දැඟලූවත් ගැලවෙන්නට
ඇසිපිය දැල්වල මයි ඇය දැවටුම
අමතක භාවයෙ අන්ධකාරයේ
දෙබෑ කරන් වේලුන ගන හම
එබී බලයි සෝඳුරිය ඔබ ඇස් දෙක
තොල් දෙක සෙලවුම තවම පෙනෙනව
හීන් සැරේ මා වැළඳ ගන්නවා
ජීවිතයට ඇති එකම සොඳුරු බව
ලෝකයටම ඇති රූමත් එක දෙය
ඈමයි තනිවට තනිවට හිටි ගැහැනිය
මැකී ගියත් තනිවට හිටි ගැහැනිය
-සිරි ගුනසිංහ
-සිරි ගුනසිංහ
ආදරෙන් ඔබ ලඟට වී ඉන්නට පැතුම් පැතු
මා
අද
මගේ
හිත
ලඟ
-බොලිච
Comments
Post a Comment