අමතර දැණුමට for your MIND

"තමගේ රට ගැන
ආඩමබර වන මිනිසෙකු
 දකින්නට මම
 කැමැත්තෙමි"
ඔහුගේ රටට,ඔහු ගැන
ආඩම්බර විය හැකි අයුරින්
 ඔහු ජීවත් වනු දකින්නට ද
 මම කැමැත්තෙමි"-
                           එ්බ්‍රහම් ලින්කන් 






 ලොව විශලාම මකුළුව ගැන ඔබ දන්නවාද??? 

 ලොව විශාලම මකුළුවා giant huntsman spider යන නමින් හදුන්වනු ලබයි.එමෙන්ම මෙම මකුළුවා යෝධ කකුළු මකුළුවා ලෙස හදුන්වනු ලබයි.එමෙන්ම මෙම මකුළුවාගේ කකුලක් අඟල් 12ක් පමන දිගය.මොවුන් සමන්‍යයෙන් මිනිසුන්ට තර්ජනයක් නොකරයි.
thakshilava.blogspot.com








 රූබික් කියුබය ගැන ඔබ දන්නාවද??? 


ලෝකයේ ජනප්‍රිය ගණිත ගැටළුවක් ලෙස මෙම රූබික් කියුබයේ ගැටළුව දැක්විය හැකිය.මෙය සොයාගනු ලැබුවේ හංගේරියානු ජාතික මහාචාර්ය අර්නෝ රූබික් විසින් 1974 දීය.මෙහි මුළු ඝණක ප්‍රමානය 26කි.මෙය සරල ගැටළුවක් ලෙස පෙනී ගියද මිශ්‍ර වූ වර්ණ නැවත මුල් තත්වයට ගෙන එ්ම කොහෙත්ම පහසු ක්‍රියවක් නොවේ    

.thakshilava.blogspot.com

මෙම රූබික් කියුබය කවලම් කල විට එකිනෙකට වෙනස් පිහිටුම් කොතරම් ප්‍රමනයක් තිබේදැයි අධ්‍යනය කිරීමේ දී සොයගනු ලැබුවේ එකිනෙකට වෙනස් පිහිටුම් රටා 43,252,003,274,489,856,000 ක් බවය.එනම් ක්වින්ටිලියන 43කි.සමන්‍ය පරිඝණකයකින් මෙම ගැටළුව විසදීමට වසර 35ක් ගත වනු ඇත.මෙයින් ඔබට රූබික් කියුබයේ ඇති සංකීර්ණ ගැටළුව මනව පැහැදිලි වනු ඇත\

.thakshilava.blogspot.com
        අර්නෝ රූබික් තමා නිර්මාණය කළ රූබික් කියුබය සමඟ. 



බර්මියුඩා ත්‍රිකෝණය


thakshilava.blogspot.com
බර්මියුඩා ත්‍රිකෝණය 
 අත්ලාන්තික් සාගරයේ පිහිටා ඇති මෙම කලාපය සැබවින්ම ත්‍රිකෝණයක් ම නොවේ.
මෙහි ඇති විශේෂත්වය නම් මෙම කලාපය අද දක්වාම අභිරහස් තොරතුරු ගොන්නක් මවා ඇති බැවිනි.මෙම කලාපය අත්ලාන්තික් සාගරයේ මියාමි,බර්මියුඩා හා පොටෝ රිකෝ යන ස්ථාන තුන යා කරමින් නිර්මාණය වි ඇත. ඔබට ඉහලින් දැක ගත හැක්කේ එම කලාපයයි.මෙම කලාපය තුල මේ වන විට ගුවන් යානා හා නැව් 50 කට අධික ප්‍රමාණයක් අතුරුදහනව ඇති අතර එය මේ දක්වා ලෝකයාට විසඳා ගත නොහැකි වි ඇත.මේ ප්‍රදේශය තුලට ඇතුළු වන යානා වල මුලින්ම රේඩියෝ සබදතා බිද වැටෙන අතර ඉන් අනතුරුව එම යානාවේ හෝඩුවාවක් හෝ සුන්බුන් කෑල්ලක් පවා සොයා ගැනීමට නොහැකිව ඇත.මෙම කලාපය තුලදී මාලිමාව තුළින් නිවැරදි උතුර නොපෙන්වන අතර ඒ වෙනුවට බර්මියුඩා ප්‍රදේශය උතුර ලෙස පෙන්වනු ලබයි,ඇතැමුන් මත පල කරනුයේ මෙම කලාපය තුල පිටසක්වල ජීවීන්ගේ කලාපයක් බවයි.කෙසේ නමුදු බර්මියුඩා ත්‍රිකෝණය මේ දකවා මෙන්ම අනාගතයට ද රහස් රැසක් ඉතිරි කර තබමින් නිහඩවම සිටී.

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha