සිංහල භාෂාව තුල ක්‍රියා පද රාශියක් දැක ගත හැකිය.අපි දැන් වෙන වෙනම ඒ ගැන විමසා බලමු. 01.පුර්ව ක්‍රියා - පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවට පෙර සිදුකරනු ලබන සෙසු සියලුම ක්‍රියා පදයි. නිද; ළමයා කා,බී,ඇඳ,පැළඳ පාසල් ගියේය. අයියා හොඳින් පාඩම් කර විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවේය. 02.මිශ්‍ර ක්‍රියා - යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවත් සමග ම සිදු කරනු ලබන සෙසු සියලුම ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ. නිද; ළමයා සිනා සෙමින් අඬයි. අම්මා මට බැන බැන කෑම උයයි. 03.විධි ක්‍රියා - විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ. නිද; දරුවා,මෙහාට එන්න. ...