සිංහල පාඩම 01

මුලින්ම අප අධ්‍යනය කළ යුත්තේ සිංහල හෝඩියයි. මූලිකව අධ්‍යනය කිරීමෙීදී හෝඩි කිහිපයක් ගැන අධ්‍යනය කළ යුතුය.          


 01.සිදත් සඟරා හෝඩිය
 02.අමිශ්‍ර සිංහල හෝඩිය
 03.මිශ්‍ර සිංහල හෝඩිය
 04.නූතන සිංහල හෝඩිය(ජතික අධ්‍යපන ආයතන හෝඩිය)
 05.ජත්‍යන්තර සිංහල හෝඩිය ඉහත දක්වා ඇති හෝඩින් පිළිබඳව අප වෙන වෙනම සලකා බැලිය යුතුය.


  01.සිදත් සඟරා හෝඩිය අප සිංහල භාෂාව තුළ හමුවන පැරනිම හෝඩිය හමු වන්නේ දඹදෙනි යුගයේදී රචනා කරන ලද සිදත් සඟරාව තුළිනි.මෙම හෝඩිය රචනා කරන ලද කතෘ අවිනිශ්චිත වේ. මේ තුළ ප්‍රණාක්‍ෂර 10ක් වන අතර,ගත්‍රාක්‍ෂර 20ක් ඇත. මේ අනුව මුලු අක්‍ෂර ප්‍රමානය 30කි. 


                                            අ ආ ඉ ඊ උ ඌ
                                           එ ඒ ඔ ඕ  
                                           
                                           ක    ග    ජ 
                                           ට    ඩ   ණ 
                                           ත    ද    න
                                           ප   බ    ම 
                                           ය   ර    ල   ව
                                           ස   හ   ළ   (අ)ං


                                                    මෙම ඉහත දක්ව ඇත්තේ සිදත් සඟරා හෝඩියයි. ඉහතින් දක්වා ඇති අක්‍ෂර 10ය ස්වර අක්‍ෂර වන අතර පහළ අක්‍ෂර 20 ගත්‍රාක්‍ෂර වේ.මෙහිදී ස්වර අක්‍ෂර 10ය වර්ග දෙකකට බෙදේ.එනම් ලුහු අක්‍ෂර හා ගුරු අක්‍ෂර ලෙසය.මේ තුළදී ලුහු අක්‍ෂර යනු කෙටි අක්‍ෂරයි.හ්‍රස්ව ස්වර ලෙසද මෙම අක්‍ෂර හදුන්වනු ලැබේ.මෙම අක්‍ෂර 05කි.ගුරු අක්‍ෂර යනු දිග් අක්‍ෂරයි.දීර්ඝ අක්‍ෂර ලෙසද මෙය හදුන්වනු ලබයි. 


                                                 ලුහු අක්‍ෂර- අ ඉ උ එ ඔ 
                                                ගුරු අක්‍ෂර- ආ ඊ ඌ ඒ ඕ 
                                     
මේ අනුව සිඳත් සඟරවෙහි ඇති ලක්‍ෂන ගැන අවබෝධයක් ඔබට ලබා ගත හැක. මේ තුළ යම් අඩුපඩුකම් ඇතොත් එය පෙන්වා දෙන්නේ නම් අපි ඉතා සතුටු වන්නෙමු.

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha