ක්‍රියා පද වර්ගීකරණය kriya padha

සිංහල භාෂාව තුල ක්‍රියා පද රාශියක් දැක ගත හැකිය.අපි දැන් වෙන වෙනම ඒ ගැන විමසා බලමු.
 

01.පුර්ව ක්‍රියා -
 පුර්ව ක්‍රියා යනු යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවට පෙර සිදුකරනු ලබන සෙසු සියලුම ක්‍රියා පදයි.
           
නිද; ළමයා කා,බී,ඇඳ,පැළඳ පාසල් ගියේය.
                  අයියා හොඳින් පාඩම් කර විභාගයට මුහුණ දී විශ්ව විද්‍යාල වරම් ලැබුවේය. 
 

02.මිශ්‍ර ක්‍රියා - යම් වාක්‍යක කතෘ අවසාන ක්‍රියාවත් සමග ම සිදු කරනු ලබන සෙසු සියලුම ක්‍රියා මිශ්‍ර ක්‍රියා වේ.
                     
     නිද; ළමයා සිනා සෙමින් අඬයි.
                                  අම්මා මට බැන බැන කෑම උයයි.
 

03.විධි ක්‍රියා - විධානයක්,අණ කිරීමක් හැඟවෙන ක්‍රියා පද විධි ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.

   
නිද; දරුවා,මෙහාට එන්න.
          ස්වාමින් වහන්ස හෙට දානයට වඩිනු මැනවි.
          මගේ ලඟින් එහාට පල.
          රුපියල් දහ දහසකින් පඩි වැඩි කරවූ.
 

04.ආශිර්වාද ක්‍රියා - යහපත් හෝ අයහපත් ප්‍රාර්ථනයක්,ආශින්සනයක් පල කරනු ලබන ක්‍රියා පද ආශිර්වාද ක්‍රියා ලෙස හදුන්වනු ලැබේ.
                   
නිද; සියලු සත්වයෝ නිවන් දකිත්වා!
                           තොප භංග වේවා!
 

05.ප්‍රයෝජ්‍යක් ක්‍රියා - තවත් අයෙකුගේ මෙහෙයවීමක්,බලපෑමක් ලබා සිදු කරනු ලබන ක්‍රියා පද ප්‍රයෝජ්‍යක් ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
                       
නිද; තාත්තා අයියා ලවා මිදුල සුද්ද කරවයි.
                               අම්මා නංගි ලවා රෙදි සෝදවයි.
 

(ප්‍රයෝජ්‍යක් ක්‍රියාව නිර්මාණයේ දී ධාතුවට පසුව "ව" ප්‍රත්‍ය යෙදීමෙන් නිර්මාණය කර ගනී.
    කර+ව+යි=කරවයි)

06.අසම්භාව්‍යක් ක්‍රියා - අවි අවිනිශ්චිත ක්‍රියා අසම්භාව්‍යක් ක්‍රියා ලෙස හදුන්වනු ලබයි.මෙය අනු කොටස් දෙකකට බෙදේ.
             
 *අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා
               *කාලාර්ථයේ අස්ම්භාව්‍යක් ක්‍රියා 
 

*අනියමාර්ථයේ අස්ම්භාව්‍යක් ක්‍රියා - යම් ක්‍රියාවක් සිදු නොවීමේ හෙවත් අසම්භාවී බවක්,අවිනිශ්චිත බවක් හැඟවෙන ක්‍රියා අනියමාර්ථයේ අසම්භාව්‍යක් ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
                   
නිද; වැසි වැස්සොත් විදුලිය ලැබේවි.
                           තාත්තා ආවොත් පාට පෙට්ටියක් ගන්න පුළුවන් වේවි. 

 *කාලාර්ථයේ අස්ම්භාව්‍යක් ක්‍රියා - යමි ක්‍රියා පදයකින් කාලය පිළිබඳව හැගවේනම් එවැනි ක්‍රියා කාලාර්ථයේ අස්ම්භාව්‍යක් ක්‍රියා ලෙස හඳුන්වනු ලැබේ.
                         
නිද; බල්ලන් බුරද්දී සොරු පැන යති.
                                 ගඟ ගලද්දී කොල්ලෝ ඉවුරට වි බලා සිටියහ.

 එහෙනම් ඔන්න අද පාඩම අවසන් තවත් අලුත් පාඩමකින් නැවත මුනගසෙමු.ජය වේවා!

 බද්‍ර කල්පයට ජීවිතය සොයා යන්නවුන්ගේ අසිරිමත් සිංහල වැඩබිම-Thakshilavaතක්‍ෂිලාව

Comments

Post a Comment

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04