සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

හරි ඔන්න අදත් තව අලුත් පාඩමකින් ඔයාලව හම්බ වෙන්න ආව.මේ සිංහල පාඩම් පෙළගැසෙන්නෙ ගොඩක් දුරට උසස් පෙළ අරමුනු කරගෙන.නමුත් මෙම පාඩම් අනෙකුත් වසර වල ඉගන ගන්නා දරුවන්ට ද ප්‍රයෝජනවත් වන බවයි මගේ විශ්වාසය.හරි අපි පාඩමට එමු.අද අපි කතා කරන්නේ සරල ස්වර හා සංයුක්ත ස්වර පිලිබඳවයි.
සරල ස්වර,
       සරල ස්වර යනු තනි ස්වරයකින් සැදුම් ලත් ස්වරයි.සිංහල භාෂව තුල සරල ස්වර 03ක් දැක ගත හැකිය.                                                                      අ      ඉ       උ 
සංයුක්ත ස්වර,

සිංහලයේ සංයුක්ත ස්වර යනු තනි ස්වරයකින් සැදුම් නොලත් ස්වරයි.සිංහල භාෂව තුල සංයුක්ත ස්වර ද 03ක් දැකගත හැක.මෙම සංයුක්ත ස්වර නිර්මානය වන්නේ සරල ස්වර වලට පූර්වයෙන් "අ" ස්වරය එකතු වීමෙනි.
                                     ස්වර එකතු වීම            සංයුක්ත ස්වර                                         අ+අ                               ආ                                          අ+ඉ                              එෙ                                          අ+උ                              ඔෳ 
                            මෙම සරල හා සංයුක්ත ස්වර පද සාධනයෙහි ලා විශේෂ කර්යයක් ඉටු කරනු ලබයි. අපි එ්වා වෙන වෙනම සකච්ජා කරමු.

01.නාම ප්‍රකෘතියකට පසුව "ය" තද්ධිත ප්‍රත්‍ය යොද විශේෂණ පද තනා ගන්නා විට ප්‍රකෘතියේ මුල සරල ස්වරයක් පවතින්නේ නම් එම සරල ස්වරය වෙනුවට සංයුක්ත ස්වරයක් ආදේශ වෙයි.
*"අ" ස්වරය වෙනුවට"ආ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
සමර්ථ+ය(ස්++මර්ථය)=සාමර්ථ්‍යය
මධුර+ය=මාධූර්යය
තරුණ+ය=තාරුණ්‍යය
*"ඉ" ස්වරය වෙනුවට "එෙ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
විශාරද+ය(ව්++ශරදය)=වෛශාරද්‍යය
විචිත්‍ර+ය=වෛචිත්‍යය
*"උ" යන ස්වරය වෙනුවට "ඔෳ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
සුන්දර+ය(ස්++න්දර)=සෞන්දර්යය
කුශල+ය=කෞශල්‍යය
උදාර+ය=ඔෳදර්ය

02.නාම ප්‍රකෘතියකට පසුව "ඉක" ප්‍රත්‍ය එකතු කොට විශේෂණ පද තනා ගන්නා විට නාම ප්‍රකෘතිය සරල ස්වරයකින් ආරම්භ වන්නේ නම් එම සරල ස්වරය වෙනුවට සංයුක්ත ස්වරයක් ආදේශ වේ. 
*"අ" වෙනුවට "ආ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
නගර+ඉක(න්++ගර)=නාගරික
තර්ක+ඉක=තාර්කික
දර්ශන+ඉක=දාර්ශනික
*"ඉ" ස්වරය වෙනුවට "එෙ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
විකල්ප+ඉක(ව්++කල්ප)=වෛකල්පික
නිති+ඉක=නෛතික
නිසර්ග+ඉක=නෛසර්ගික
*"උ" ස්වරය වෙනුවට "ඔෳ" යන සංයුක්ත ස්වරය ආදේශ වීම.
පුරණ+ඉක(ප්++රණ)=පෞරාණික
මූල+ඉක=මෞලික
පුද්ගල+ඉක=පෞද්ගලික

ඔන්න එහෙනම් සරල හ සංයුක්ත ස්වර පාඩම අවසන්. එහෙනම් තවත් දවසක අලුත් පාඩමකින් හමුවෙමු.

                                                          THAKSHILAVAතක්‍ෂිලාව

Comments

Popular posts from this blog

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha