අර්ධ ස්වර Arda swara(semi vowels)

ටික දවසකට පස්සෙ ඔන්න අපි අද ආවෙ අලුත් පාඩමකුත් අරගෙනමයි.අද අපේ පාඩම "අර්ධ ස්වර".හරි මොනවද මේ "අර්ධ ස්වර" කියල මුලින්ම අපි බලමු.
අර්ධ=භාගය
ස්වර=තනිව උච්චාරනය කල හැකි අක්‍ෂර.(ස්වර අක්‍ෂර වලට ප්‍රාණාක්‍ෂර,පණකුරු ලෙසද හඳුන්වයි)

මේ අනුව අර්ධ ස්වර යනු සරලව දැක්වුවහොත් අර්ධ ලෙස ස්වර ලක්‍ෂණ පිහිටි ව්‍යංජන අක්‍ෂර ලෙස දැක්විය හැකිය.

සිංහල භාෂාවෙහි අපට දැකගත හැකි අර්ධ ස්වර ප්‍රමානය 2කි.එනම්
                                 ස්වර                            අර්ධ ස්වර                                    

                                  ඉ                                      ය්(ය)                                    

                                  උ                                      ව්(ව) 
         

හරි දැන් අපි දන්නව අර්ධ ස්වර කියන්නෙ මොනවද කියල.දැන් අපි මෙම අර්ධ ස්වර වල කාර්යය මොනවද කියා සොයාබලමු. නාම පදයක් තනා ගන්නා විට නාම ප්‍රකෘතියකට පසුව නාම ප්‍රත්‍යක් එක් කර ගැනීමේදී ප්‍රකෘතියත් ප්‍රත්‍යත් අතරට ආගම විය හැක්කේ අර්ධ ස්වරයකට පමනි.දැන් ප්‍රශ්න ගොඩක් කියල මම දන්නව

නාම ප්‍රකෘතිය????????????
නාම ප්‍රත්‍ය?????????
ආගම වීම???????????? මේ ටික නිස මෙතෙක් වෙල කියල දීපු ටිකත් අවුල් වෙලාම ගියා නේද? හරි අපි ඉදිරි පාඩම් වලදි විස්තරාත්මකව මෙම මාතෘකා ගැන ඉගනගන්නවා.එත් දැනට සරලව මේ ගැන කියල දෙන්නම්.මොකක්ද මේ නාම ප්‍රකෘතිය හා නාම ප්‍රත්‍ය-නාම පදයක් හැදෙන්නේ නාම ප්‍රකෘතියට නාම ප්‍රත්‍යක් එකතු වීමෙන්.

නිද‍:
    මිනිස්+ආ=මිනිසා
    මෙහි මිනිස් යනු නාම පදය නිර්මානය වන මූලයයි.එනම් නාම ප්‍රකෘතියයි(නාම මූලය).නාම පදයක් නිර්මාණය වන්නේ ප්‍රකෘතිය+නාම ප්‍රත්‍ය එකතු වීමෙනි.මෙහි "මිනිස්" යන්න නාම ප්‍රකෘතිය වන අතර "ආ" යන්න නාම ප්‍රත්‍ය ලෙස හදුන්වනු ලබයි.
මොකක්ද ආගමය?????????? සන්ධි පාඩම තුලදී අපට මෙම ආගම යන වචනය ගඳුනගන්න ලැබෙනව.ආගම යනු යම් පදයක් නිර්මානය වීමේදී එ් පද අතරට අමුතුවෙන්ම අකුරක් පැමිනීමයි. පහත අර්ධ ස්වර කර්යයන් තුලින් ඔබට එ් බව තවත් අවබෝධකරගන්න පුළුවන්. දැන් අපි නැවතත් පාඩමට එමු.
අර්ධ ස්වර වල කර්යයක් තමයි නාම පද නිර්මානය කිරීමේ දී එම නාම ප්‍රකෘතිය හා ප්‍රත්‍ය අතරට ආගම වී(පැමින) නාම පද නිර්මානය විම.

නිද:කඩදාසි+අක්=      කඩදාසි+"ය්"+අක්=කඩදාසියක් රේඩියෝ+අක්=    රේඩියෝ+"ව්"+අක්=රේඩියෝවක් 

මේ අනුව ඉහත පද නිර්මානයට "ය්" හා "ව්" අර්ධ ස්වර උපයෝගී වී ඇති බව දැකගත හැකිය.හරි නාම පදයක් නිර්මානය වීමට අර්ධ ස්වර ආගම වුවත් මෙම ස්වර දෙකෙන් මොන ස්වරය එ් සදහා අපි යොද ගන්නේ ද යන ගැටළුව පැන නගීනව.ඊට විසඳුමක් ලෙස අප භාවිත කරන්නේ ප්‍රකෘතියේ අග ඇති ස්වරයයි.

01.ප්‍රකෘතිය අවසන් වන්නේ පූර්ව ස්වරයකින් නම්(අනම්‍ය ස්වර) ආගම වනුයේ "ය්" යන අර්ධ ස්වරයයි. 
එ-මෙහෙ(මෙහ්+එ)+අක්-මෙහෙ+ය්+අක්=මෙහෙයක් ඉ-නීති+අක්-නීති+ය්+අක්=නීතියක් ඇ-පැහැ+අක්- පැහැ+ය්+අක්=පැහැයක් 

02.ප්‍රකෘතිය අවසන් වන්නේ අපර ස්වරයකින් නම්(නම්‍ය ස්වර) ආගම වනුයේ "ව්" යන අර්ධ ස්වරයයි.
උ-ඔරු+අක්- ඔරු+ව්+අක්=ඔරුවක් ආ-කලා+අක්- කලා+ව්+අක්=කලාවක් උ-නඩු+එන්-නඩු+ව්+එන්=නඩුවෙන්

      ඔන්න අද අපි කතා කරපු අර්ධ ස්වර පාඩම අවසන්.තවත් පාඩමකින් අපි නැවත මුනගැසෙමු. ඔබට ජය                                                                                                                        තක්‍ෂිලාවTHAKSHILAVA

Comments

Post a Comment

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha