අනම්‍යකරණය anmyakaranaya

පහත දක්වන්නට යෙදුනු නම්‍ය සහ අනම්‍ය ස්වර පද නිර්මානය කිරීමෙහි ලා සුවිශේෂී කාර්යයක් ඉටු කරනු ලබයි.එනම් නම්‍ය ස්වරයකින් ආරම්ඟ වන පදයක් ඇසුරු කරගෙන ප්‍රත්‍ය ගැන්වීමක් සිදු කරන විට එම නම්‍ය ස්වරය අනම්‍ය ස්වරයක් බවට පත්වේ.සිංහල ඟාෂාව තුළ අනම්‍යකරණය සිදුවන අවස්ථා කිපයක් හදුනාගත හැකිය.
 

*නාම පද විඟක්ති ගැන්වීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                                                 අ-ඇ = දහම්+එන් =දැහැමෙන්
                                  බව්+හි     =බැව්හි
                     උ-ඉ = මුව+එන් =මියෙන්
                                මුව+එහි =මුවෙහි
                     ඔ-එ = ලොව+හි =ලෙව්හි
                                ලොව+ඉන් =ලෙවින්
 

*කෘදන්ත පද සදනයේදී අනම්‍යකරණය සිදුවේ.
                    අ-ඇ =නට+උම් =නැටුම්
                    උ-ඉ =පුද+ඉලි =පිදිලි
                    ඔ-එ =ගොරව+ඉලි =ගෙරවිලි
 

*නිරුත්සාහක ක්‍රිය පද තන ගැනීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                                      අ-ඇ =අඬයි =ඇඬෙයි
                    උ-ඉ =උස්සයි =ඉස්සෙයි
                    ඔ-එ =ඔබයි =එබෙයි
 

*ස්ත්‍රී ලිංඟ පද තනා ගැනීමේදී අනම්‍යකරණය සිදුවේ.                                                                                අ-ඇ =සප්+ඉනි =සැපිනි
                    උ-ඉ =කුකුලු+ඉ =කිකිළි
                    ඔ-එ =කොලු+ඉ =කෙලි
                                      මේ තුළින් දැන් ඔබට නම්‍ය ස්වර හ අනම්‍ය ස්වර පිළිබඳ දැනුමක් මෙන්ම අනම්‍යකරණය පිළිබඳ දැනුමක් ඔබට ලැබෙනු ඇත.

                                                           බද්‍ර කල්පයට ජීවිතය සොයා යන්නවුන්ගේ අසිරිමත් සිංහල වැඩබිම-;lazIs,dj

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha