අව්‍ය පද awya padha

මීට පළමුවෙන් මම සිංහල හෝඩිය හා අනම්‍යකරණය යන පාඩම් ගැන අවබෝධයක් ඔබට ලබා දුන්න.දැන් එ් ගැන හොද අවබෝධයක් මෙන්ම දැනුමක් ලැබෙන්නට ඇතැයි සිතමි. අද අප අධ්‍යනය කරනු ලබන්නේ අව්‍ය පද පිළිබඳවය.අව්‍ය පද

මොනවද මේ අව්‍ය පද?????????????
 අව්‍ය පද යනු, 

         භාෂාවේ පවතින ඇතැම් පද ලිංග,විභක්ති,වචන,කල,පුරුෂ යන බෙදීම් හේතුවෙන් වෙනස් වීමකට ලක් නොවේ.එවැනි පද අව්‍ය පද ලෙස හදුන්වනු ලැබේ.
 

සිංහල භෂාව තුළ අව්‍ය පද විශේෂ 02ක් දැකගත හැකිය.
                                              01.නිපාත
                                              02.උපසර්ග


 01.නිපාත,
        සිංහල භාෂාව තුළ නිපාත පද රාශියක් දැකගත හැකි නමුත් එ්වායේ අර්ථ වෙන වෙනම ඳැක්විය නොහැක.මන්ද නිපාත මඟින් පැහැදිලි අර්ථයක් ප්‍රකාශ නොකරන බැවිනි.නමුත් අධ්‍යනය කිරීමේ පහසුව තකා පහත ආකාරයට වර්ග කළ හැකිය.
 *කාළය අඟවන නිපාත, අද,හෙට,ඊයේ,යළි,නැවත,පැසුලු(පසුව),ඉක්බිති,ඉනික්බිති,අනතුරු,නිති,තව,නිරන්තර
 *පිණිස යන අර්ථය ඇති නිපාත,
     පිණිස-රජ්‍ය සේවය පිණිසයි.
     සඳහා-ඉගනගැනීම සඳහා එන්න.
     වස්-නුඹ දකිනු වස් මම පැමිනෙමි.
     තකා-දියුනුව තකා වැඩ කරන්න.
*ආමන්ත්‍රණාර්ථ නිපාත,
       එ්යි,එම්බා,බොලේ
*ප්‍රශ්නාර්ථ නිපාත,
       ඇයි,මන්ද,ද,මොකෝ,මොකද,කිම්ද
*සමනාර්ථ නිපාත,
      මෙන්,සේ,වගේ,ලෙස,බදු,අයුරු,වැනි,අයුරින්,
*ප්‍රමානාර්ථය අඟවන නිපාත,
      තරම්,විතර,මෙන්,වගේ,පමණ
*නිශ්චයාර්ථ නිපාත,
      මුත්,මිස,හැර,වින,
*සම්බන්ධාර්ථ නිපාත,
     ද-අම්ම ද මම ද ......
     ත්-අයියත් මම ත්.........
     හා-ඔහු හා ඇය............
     සමඟ-ඇය සමඟ අප.............
     කැටුව-අම්ම කැටුව මම.....
     එක්ක
*සීමාව අඟවන නිපාත,
    තෙක්,දක්ව,තුරු,පටන්,තක්,කර

                          මීට අමතරව තවත් ඉතා වශාල ප්‍රමානයක් නිපාත පද සිංහල භාෂාව තුළ වෙයි.යම් අපහැදිලි කමක් වේනම් අපට දන්වන්න. ස්තූතියි!


බද්‍ර කල්පයට ජීවිතය සොයා යන්නවුන්ගේ අසිරිමත් සිංහල වැඩබිම- තක්‍ෂිලාව 

Comments

Popular posts from this blog

සරල ස්වර හා සංයුක්ත ස්වර Sarala awara, Sanyuktha swara

නූතන සිංහල හෝඩිය sinhala hodiya 04

ක්‍රියා පද වර්ගීකරණය kriya padha